26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඩොලර් මිලියන 36ක් ගෙවන්න තිබූ ඩීසල් නැවට ඩොලර් මිලියන 52ක් ඉල්ලයි

ඩොලර් මිලියන 36ක් ගෙවන්න තිබූ ඩීසල් නැවට ඩොලර් මිලියන 52ක් ඉල්ලයි

මෙරටට පැමිණ ඇති ඩීසල් රැගත් නෞකාවට ඇමරිකානු ඩොලර් මිලියන 52 ක් ගෙවීමට සිදුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙනි.

මීට පෙර එම නෞකාවට ගෙවීමට නියමිතව තිබූ මුදල ඩොලර් මිලියන 36කි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා ගැනීම සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

එම නෞකාවේ ඇති ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,300 කි.

එහි ඇති ඩීසල් අද දිනය තුළ ගොඩබෑම සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර තවත් නෞකාවක ඇති දැවිතෙල් මේ වන ගොඩබාමින් සිටී.

එම නෞකාවේ ද ඩිසල් මෙට්‍රික් ටොන් 30,000 ක් ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළා ය.