29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිකරණ නිලධාරීන් 118කට ස්ථාන මාරුවීම්

අධිකරණ නිලධාරීන් 118කට ස්ථාන මාරුවීම්

විනිසුරුවරුන් සහ මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිළධාරීන් 118 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම වසරේ අප්‍රේල් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ස්ථාන මාරුවීම්වලට අදාළව මාර්තු 18 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි. මෙවර වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය යටතේ කොළඹ මහෙස්‍ත්‍රාත් අධිකරණය ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන අධිකරණ රැසක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් සඳහා ස්ථාන මාරුවීම් හිමිව ඇත.

ඊට අමතරව පුහුණු අධිකරණ නිළධාරීන් 27 දෙනෙකුද මෙවර වාර්ෂික ස්ථාන මාරුවීම් වැඩසටහන යටතේ මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.