33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වාට කැරොලයින් ජූරිට නඩු

පුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වාට කැරොලයින් ජූරිට නඩු

ඉකුත් වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක රූ රැජින තරගයේදී කිරුල දිනාගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ කලහකාරී ලෙස ගලවා තුවාල සිදු කළේ යැයි කියන තවත් විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ කැදවනු ලැබූ අතර එහිදී කුරුදු වත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල අප්‍රේල් 04 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.