32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැරැක් ඔබාමාටත් කොරෝනා

බැරැක් ඔබාමාටත් කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට කෝවිඩ් ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමන් හට කෝවිඩ් රෝගය වැළඳී ඇති බව බැරැක් ඔබාමා ඊයේ (13) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

දින කිහිපයක සිට ඇති වී තිබූ උගුරේ අසාත්මිකතාවක් හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් තමාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව ඔහු ප්‍රකාශ කරයි.

ඔහුගේ බිරිඳගේ පීසීආර් වාර්තාව නෙගටිව් බවත් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනපති ඔබාමා පැවසීය.

බැරැක් සහ මිෂෙල් ඔබාමා දේපල කෝවිඩ් මර්දන එන්නත් දෙක සහ බූස්ටර් එන්නතද ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා හට උගුරේ ආසාත්මිකතාවයක් හැර වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති සේම දරුණු කෝවිඩ් තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරු පවසති.