27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

අද (15) දිනයේත් පැය 03යි විනාඩි 45ක කාලයක් රට පුරා විදුලිය කපා හරින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවසර ලබාදුන් බව එම කොමිසම පැවසුවේය.

ඒ අනුව අද උදෑසන 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙම  විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

A,B,C,D,E,F,G,H කලාප සඳහා පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.

එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එමෙන්ම අද උදෑසන 9.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම එම කලාපවලට සවස 5 සිට රාත්‍රි 9 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙනු ඇත.