― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් බැසිල්ට විතරයි

රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් බැසිල්ට විතරයි

බොහෝදෙනා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා විවේචනය කරන්නේ මෙරට ආර්ථිකය ගොඩගැනීමට හැකි එකම පුද්ගලයා ඔහු නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

තවලමක් සාර්ථක ලෙස ඉදිරියට යන විට ඊට සුනඛයන් බාධා කරන බවත් එම බාධාවලට තවලම යන ගමන නැවැත්වීමට නොහැකි බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

ආණ්ඩුවේ ඇමති ධූරවලින් ඉවත් කළ දෙදෙනා හැර ආණ්ඩුවේ අනෙකුත් හවුල්කාර පක්‍ෂවල සාමාජිකයන් පොදුජන පෙරමුණ හා සම්බන්ධ වී තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවත් ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්‍ෂ සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට තම පක්‍ෂය සෑම විටම උත්සාහ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් ලෙස ඇතැමුන් අර්ථ දැක්වුවත් ඇත්ත වශයෙන්ම එම පිලේ පක්‍ෂ 11ක් නොමැති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.