23.9 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසඟවා තිබූ ගෑස් ජනතාවට බෙදාදෙයි

සඟවා තිබූ ගෑස් ජනතාවට බෙදාදෙයි

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ ගෑස් සිලින්ඩර් හාරදහසක් පමණ පොලිස් බාරයට ගෙන තිබේ.

ඒවා වැඩි මිලට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව පොලීසිය පවසයි. මෙම ගෑස් ගබඩාව රන්න ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට අයත්වූවකි. විශාල ප්‍රමාණයේ ස්කැමර් රථ දෙකක සහ ලොරි දෙකක එම ගෑස් සිලින්ඩර ගබඩා කර තිබෙන අතර කිලෝග්‍රෑම් 12.5ක්, කිලෝ 5 සහ කිලෝ 2.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් ඒ අතර වෙයි.

ගෑස් සිලින්ඩර් තොගය පාරිභෝගික කටයුතු අධිකාරියට බාරදී තිබේ. ඉන් සිලින්ඩර කිහිපයක් රන්න ප්‍රදේශයේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයට ලබාදී ඇති අතර ඉතිරිය ජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළේය.