22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් ගොඩබෑම ඇරඹේ

ගෑස් ගොඩබෑම ඇරඹේ

මෙරටට පැමිණි LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු අද (17) සවස සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු හෙට (18) දිනයේදී නැවත ආරම්භ කෙරෙන බවද එම සමාගම පවසයි.

ගෑස් සමාගම් විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ඊයේ (16) නිවේදනය කර තිබුණි.

එහිදී එම සමාගම් සඳහන් කළේ ප්‍රමාණවත් ගෑස් තොග නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවය.

කෙසේවෙතත් හෙට සිට නැවත ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට ලිට්‍රෝ සමාගම සූදානමින් සිටී.