26.1 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ඩිජිටල් හැඳුනුම්පතට ඉන්දියාවෙන් ආධාර

මෙරට ඩිජිටල් හැඳුනුම්පතට ඉන්දියාවෙන් ආධාර

ඉන්දියානු ආධාර යටතේ මෙරට තුළ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීමට අදාළ ගිවිසුම අද (21) කැබිනට් මණ්ඩලයට යොමු කරන බව තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය තුළදී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 8ක ආධාරයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කර ඇත.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර
මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම මෙහි අරමුණයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට පුරවැසියන්ට ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.