23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරේඩියෝවේ ආරවුල මරණයෙන් කෙළවර වූ හැටි

රේඩියෝවේ ආරවුල මරණයෙන් කෙළවර වූ හැටි

ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

රේඩියෝවක් උකසට තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 51 හැවිරිදි වෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උකස්කර ඇති රේඩියෝව බේරා ගැනීමට පැමිණි පුද්ගලයා ඊයේ (22) දහවල් 2.00 ට පමණ රේඩියෝව උකස් ගත් පුද්ගලයාට පහරදී තිබේ. තුවාල ලැබුූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පහරදීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.