29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalවෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ මහර 09 කණුව අසළදී වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (24) යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුදගලයන් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් මත සිදු වූ ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.