― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල් ඇතුළු නිලධාරීන් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

කබ්රාල් ඇතුළු නිලධාරීන් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සෙසු අධිපතිවරුන් හා මුදල් මණ්ඩල සාමාජිකයින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබේ.

එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ, පසුගිය 24 වැනිදා එම නිලධාරීන්ට කමිටුව හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්න ද ඔවුන් එදිනට සහභාගි නොවූ බවය.

එම තත්ත්වය පිළිබඳව තමන් සිය අප්‍රසාදය පලකරන බව ද කමිටු සභාපතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව ලබන පළමු වැනිදා උදෑසන 10.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පෙනී සිටින්නැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සෙසු අධිපතිවරුන්ට හා මුදල් මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දී තිබේ.