27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපකිස්තානු ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

පකිස්තානු ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමඟ ආණ්ඩුවට බහුතරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ඊයේ (29) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය.

පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාව ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර දින 07 ක් තුළ ඡන්දය විමසීමක්ද කළ යුතු අතර එරට විපක්ෂ නායකවරයා ඊයේ (29) පස්වරුවේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.