― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් පාර්ලිමේන්තු භෝජනාගාරය ඇරේ

මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් පාර්ලිමේන්තු භෝජනාගාරය ඇරේ

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අප්‍රේල් මස 01 වැනිදා සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා (01) සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කෙරෙන්නේ ඒ අනුවය.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය. කොවිඩ් පැතිරීම ආරම්භ වීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණි.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී කළ ඉල්ලීම් සලකා බලා මෙම අවස්ථාව ලබා දී තිබේ.

(උපුටාගැනීම – ලංකාදීප)