27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලියෙන් ලංකාවට විදේශ විනිමය ගෙන එනවා

විදුලියෙන් ලංකාවට විදේශ විනිමය ගෙන එනවා

ඉදිරියේදී ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට විදුලිබල ක්ෂේත්‍රය පත්කරන බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව විදේශීය අයෝජනයක් හරහා ශ්‍රී ලංකාවේ නිවාස ලක්ෂයක වහලවල් තුළ සුර්ය පැනල හරහා මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.