ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් අද පස්වරු 4.30ට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා සියලු මන්ත්රීවරුන් වෙත දන්වා ඇති අතර මේ වනවිට ආණ්ඩුවේ නායකයන් සමග විරසකයකින් පසුවන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන මන්ත්රීවරුන්ටද සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.