30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධාවනය කළ නොහැකි දුම්රිය මැදිරි තොගයක් ඉන්දියාවෙන් ගෙන්වයි

ධාවනය කළ නොහැකි දුම්රිය මැදිරි තොගයක් ඉන්දියාවෙන් ගෙන්වයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නැවත දුම්රිය මැදිරි 40ක් මෙරට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මීට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නොහැකිව තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් ගෙන්වූයේ ඇයිද යන්න තවමත් ප්‍රශ්නයකි.

මෙරටට ගෙන්වූ එම දුම්රිය මැදිරිවල පැවති විවිධ දෝෂ හේතුවෙන් ඒවා ධාවනයට එක් කිරීමට නොහැකි වූ බවත් මේ නිසා මෙම මැදිරි දුම්රිය අංගනවල ගාල් කර තැබීමට සිදුව තිබෙන බවත් එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ ප්‍රකාශ කළේය.