මදුරන්කුලිය ඉන්ධන පිරවුම්හල අසළ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් පුත්තලම – හලාවත මාර්ගය අවහිර වී තිබේ.
ඉන්ධන පිරවුම්හල අසලින් මාර්ගය හරස් කරමින් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා පිරිසක් විරෝධතාවයේ නිරත වීම නිසා මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
පුත්තලම – හලාවත මාර්ගය අවහිර වීම නිසා ඒ අශ්රිත මාර්ග රැසකද දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. මේ වන විට පොලීසිය විසින් තත්ත්වය පාලනය කරමින් පවතී.