32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාව මහ රෑ ඥානක්කාගේ නිවස වටලයි

ජනතාව මහ රෑ ඥානක්කාගේ නිවස වටලයි

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවස ඉදිරිපිට ඊයේ (04) දිනයේදීත් විරෝධතාකරුවන් විශාල පිරිසක් විරෝධතාවේ නිරත විය.

එම විරෝධතාකරුවන් එකවර ඥානක්කාගේ නිවසට කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබේ. විරෝධතාකරුවන් විසින් එකවරම එම නිවසට කඩා වැදීමත් සමඟ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමත් සමඟ එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගත්තේය.

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සැපයූ අතර විරෝධතාකරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කර ඇති බව වාර්තා වෙයි.