― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුෂ්පිකාගේ කිරුළ ගැලවීමට එරෙහි නඩුවට දින නියම වෙයි

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමට එරෙහි නඩුවට දින නියම වෙයි

පසුගිය වසරේ විවාහක රූ රැජින කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ කලහකාරී ලෙස ගලවා ඇයට තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව මැයි 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකටණය නියෝග කර තිබේ.

මෙම නඩුවේ සැකකාරියන් ලෙස විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන නම් කර ඇති අතර මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර තිබූණද එම සමථ මණ්ඩල වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලීසිය ප්‍රකාශ කර සිටියේ සිද්ධිය සමථයකට පත් කළ නොහැකි වූ බවයි.

ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් කාන්තාවකට තුවාල සිදු කිරීම සම්බන්ධව මෙම සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කළේය.