25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමහින්දගේ රුව සහිත මුදල් නෝට්ටුවක් නිසා යාපනයේ නොසන්සුන්තාවක්

මහින්දගේ රුව සහිත මුදල් නෝට්ටුවක් නිසා යාපනයේ නොසන්සුන්තාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රුව සහිත රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළෙඳ සලකට දුන් පුද්ගලයෙකුට අදාළ වෙළෙඳසල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

යාපනය නගරයේ පිහිටි සාප්පුවකට ගිය පුද්ගලයෙකු යමක් මිල දී ගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත මුදල් නෝට්ටුවක් ලබා දීම ත් සමග වෙළෙඳ සල් හිමියා මුදල් නෝට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වැදී එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇත.

අනතුරුව අදාළ පුද්ගලයාද වෙළෙඳ හිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසල් හිමියන්ද එම ස්ථානයට පැමිණීම ත් සමග එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.

අනතුරුව අසල්වැසි වෙළෙඳසල් හිමියන් විසින් තත්ත්වය පාලනය කර ඇති අතර රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා හේතුවෙන් එම පුද්ගලයා අදාළ මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළෙඳ සලකට ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කර ඔහු එම ස්ථානයෙන් පිටත් කර යැවීමට සෙසු වෙළෙඳ සල් හිමියන් පියවර ගෙන තිබේ.