25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහානේ විරෝධතාවට නිශ්ශංක සේනාධිපති කඩාකප්පල්කාරීන් 200ක් යවලා

මිරිහානේ විරෝධතාවට නිශ්ශංක සේනාධිපති කඩාකප්පල්කාරීන් 200ක් යවලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාවට ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් පුද්ගලයින් 200 දෙනෙකු යෙදවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තු විවාදයේදීය.

ආදාළ සිදුවීම අතරතුර ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවූ බවත් එම රැස්වීම මෙහෙයවනු ලැබුවේ නිශ්ශංක සේනාධිපති විසින් බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

“මිරිහාන සිදුවීම යනකොට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයේ හදිසි රැස්වීමක් කැඳෙව්වා. ඒ රැස්වීමට ඇවන්ට් ගාඩ් එකේ ප්‍රධානියා නිශ්ශංක සේනාධිපති ත් සම්බන්ධ වුණා. මම වගකීමෙන් කියන්නේ. නිශ්ශංක සේනාධිපති තමයි සම්පූර්ණ එතන රැස්වීම මෙහෙයුවේ. නිශ්ශංක සේනාධිපති ඉතා පැහැදිලිව කිව්වා බය වෙන්න දෙයක් නැහැ, මම මිරිහානට 200ක් බැස්සුවා කියලා. පවුල් පිටින් මම 200ක් බැස්සුවා කිව්වා. ආණ්ඩුව ම පිරිස් යොදවලා, ආණ්ඩුව ම දැනුවත්ව මැදිහත් වෙලා උද්ඝෝෂණ කඩාකප්පල්කාරී කරලා ප්‍රචණ්ඩකාරී විධියට හැසිරෙන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා.”