29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews74 වසරක් තිස්සේ දූෂිත දේශපාලුවන් රට කා දමා ඇත - එයට වගකිව...

74 වසරක් තිස්සේ දූෂිත දේශපාලුවන් රට කා දමා ඇත – එයට වගකිව යුත්තේ කවුද?

රටේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 11කි. එනම් 11,000,000,000,000.00කි.

නමුත් විගණකාධිපති වාර්තාව අනුව එම ණයවලින් කෙරී ඇති රටේ වත්කම ට්‍රිලියන 1.8කි. ඉතිරි සියල්ල මිනිස් පරිභෝජනය සඳහා වැය වූවා යැයි කිවහොත් එය තනිකරම විහිලුවකි.

ඉතිරි ට්‍රිලියන 9.2ට සිදුවූයේ කුමක්ද? මහබැංකු වාර්තාවට අනුව ලැබිය යුතු ඒක පුද්ගල ආදායම මසකට රුපියල් 60,000කි.

නමුත් ඔබත් මමත් එතරම් ආදායමක් උපයනවාද? ඔබත් මමත් අද කෙතරම් අසරණද? මැරෙන තුරුම ණය ගෙවනවා හැර වෙනත් ජීවිතයක් ඔබට මට තිබෙනවාද?

74 වසරත් තිස්සේ දූෂිත දේශපාලුවන් විසින් ඔබේත් මගේ රට කා දමා හමාරය. ඉපදෙන්න සිටින දරුවන් පවා ණයකරුවන් කර හමාරය. මෙම දූෂිත හොරු රැළ එළවා රට ගොඩනැගිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ඔබේත් මගේත් යුතුකමකි.