― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාවේ යාචකයෙකුගෙන් ලංකාවට ආධාරයක්

ඉන්දියාවේ යාචකයෙකුගෙන් ලංකාවට ආධාරයක්

පවතින ආර්ථීක අර්බුදය හමුවේ පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තමිල්නාඩුවේ තූත්තුකුඩිහි යාචකයකු ඉන්දීය රුපියල් විසිදහසක මුදලක් එක්රැස් කරගෙන තිබේ. මෙම මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් අසූ තුන්දහසකට ආසන්නය.

තූත්තුකුඩි ආලංකිනරු පදිංචි පූල්පාන්ඩි නමැති යාචකයකු මෙලෙස මුදල් එක්රැස්කරගෙන ඇති අතර ඔහු එම මුදල් මධුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදීද ආහාරපාන ගැනීමට අපහසුවෙන් සිටි ජනතාව වෙනුවෙන් මෙම යාචකයා සිඟමන් යැද මුදල් පරිත්‍යාග කර ඇති අතර ඔහු 2020 වසරේදී දෙමළ වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත්තේ “මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලිවලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා” යනුවෙනි.