― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොසෙන් අවුරුද්දට විශේෂ සහන මල්ලක්

සතොසෙන් අවුරුද්දට විශේෂ සහන මල්ලක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොසෙන් විශේෂ සහන මල්ලක් හඳුන්වා දී තිබේ. මෙය හෙට (09) සිට සතොස ජාලය හරහා බෙදාහැරීමට නියමිතය.

වෙළෙඳ අමාත්‍යාංශය විසින් වෙළෙඳපොළේ පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් හා සහනදායී මිල ගණන් යටතේ පාරිභෝගික ද්‍රව්‍ය 05ක් ඇතුළත් මෙම සහන මල්ල ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

හඳුන්වා දෙන මෙම සහන මල්ලේ නාඩු සහල් කිලෝ 05ක්, සම්බා සහල් කිලෝ 05ක්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400‍ක්, දුඹුරු සීනි කිලෝ 01ක්, තේ කොළ ග්‍රෑම් 100ක් අඩංගු වන අතර මෙය රුපියල් 1950ක මිලට අලෙවි කිරීමට නියමිතය.

සාමාන්‍ය වෙළෙඳසලකින් මෙම භාණ්ඩ වර්ග 05 මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල් 700ක් හෝ ඊට වැඩි වාසියක් මෙම අවුරුදු සහන මල්ල මිලදී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමි වනු ඇත.