― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalගාලු මුවදොර පිටිය වසා තබා ඇති බවට රජිත් කීර්ති තෙන්නකෝන් කියන කතාවේ...

ගාලු මුවදොර පිටිය වසා තබා ඇති බවට රජිත් කීර්ති තෙන්නකෝන් කියන කතාවේ ඇත්ත විස්තරේ මෙන්න

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට ගාලු මුවදොර පිටිය වසා ඇති බව මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව අප කළ සොයා බැලුවා.

එහිදී අනාවරණය වුණේ ගාලුමුවදොර පිටිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ නැවත ආරම්භ කළ අතර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විටත් සිදු කෙරෙන බවත් මීට මාස තුන, හතරකට උඩදී, මෙම පුවරුව ගාලු මුවදොර පිටියේ ප්‍රතිසංස්කරණය කරමින් සිටින කොටසේ ප්‍රදර්ශනය කර තිබූ බවත්, එම කාලය තුළ කිසිදු අවස්ථාවක එම කොටස හැරුණු කොට ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා නොතිබුණ බවත් සාමාන්‍ය ජනතාවට ගාලුමුවදොර පිටිය වසා දැමීමට රජය උපදෙස් දී නොමැති බවයි.

ඒ හේතුවෙන් හෙට (09) දිනයේදී ගාලු මුවදොර පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන කොටසේ හැර ගාලු මුවදොර පිටියේ සෙසු ප්‍රදේශය ජනතාවට විවෘත වී ඇති බව
ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලඉක සමාගමේ සම්බන්ධීකාරවරයෙකු පැවසීය.