27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් සහල් රැගත් නෞකාවක් අද මෙරටට

ඉන්දියාවෙන් සහල් රැගත් නෞකාවක් අද මෙරටට

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක් රැගත් නෞකාවක් මේ වනවිට දිවයිනට ළඟාවී තිබේ.

මෙම සහල් තොගය රැගත් ‘චෙන් ග්ලෝරි’ නම් නෞකාව අද (12) කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බහුආංශික සහයෝගීතාව යටතේ පසුගිය සතිය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 16,000ක් මෙරටට ලබාදී තිබේ.

දෙරට අතර සුවිශේෂී සබඳතාව පිලිඹිබු කරන මෙම ආධාර තවදුරටත් අඛණ්ඩව සිදුකිරීමට ඉන්දීය රජය පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.