29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගාලු මුවදොර විරෝධතාවය අඛණ්ඩව සිව්වන දිනටත්

ගාලු මුවදොර විරෝධතාවය අඛණ්ඩව සිව්වන දිනටත්

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත්වේ.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වැනිදා එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.

එම විරෝධතාවය සඳහා ඊයේ (11) රාත්‍රියේදීත් රංගන ශිල්පීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්රැස් වී සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

ඊයේ රාත්‍රීයේ ගාලු මුවදොර පිටිය ට අධික ලෙස වර්ෂාවක් පතිත වුවද විරෝධතාකරුවන් අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරතව සිටියේය.