30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරම්බොඩ ඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙක් අතුරුදන්

රම්බොඩ ඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙක් අතුරුදන්

කොත්මලේ, රම්බොඩ දිය ඇල්ලේ දියනෑමට ගිය තරුණයන් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ වව්නියාවේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවකයින් තිදෙනෙක් වන අතර ඔවුන් සොයා මේ වනවිට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් මෙහෙයුමක් දියත් කර තිබේ.

ඔවුන් ඊයේ (11) නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු වව්නියාව බලා ගමන් කරන අතරතුර අද (12) පස්වරුවේ රම්බොඩ ඇල්ලේ දියනෑමට ගොස් තිබුණි. තරුණයන් 07 දෙනෙක් එම චාරිකාවේ යෙදී ඇති අතර එකවරම රම්බොඩ ඇල්ලේ සැඩ ජල පහරකට මෙම තරුණයන් 07 දෙනාම හසු වී ගසාගෙන ගොස් තිබේ.

ඉන් තරුණයන් සිව්දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ජීවිතාරක්ෂක භටයින්ට හැකියාව ලැබී ඇත.

සැඩ පහරට හසුවී අතුරුදන් වු අනෙක් තරුණයින් තිදෙනා සොයා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් මේ වනවිටත් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.