― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews25 වැනිදා තෙක් ගෑස් නිකුත් කරන්නේ නැහැ - ලිට්‍රෝ සමාගම

25 වැනිදා තෙක් ගෑස් නිකුත් කරන්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

අප්‍රේල් 25 වැනිදා දක්වා ගෘහස්ත ගෑස් ස්ලින්ඩර් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඊයේ (20) දිනයේදී ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණ තිබුණද එය ගෘහස්ත භාවිතය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවන බවත් අදාළ ගෑස් තොගය රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හරින බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් අප්‍රේල් 24 වැනිදා ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව 25 වැනිදා ගෘහස්ත ගෑස් නිකුත් කිරීමට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.