― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsSSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්‍රමාණවත් - CIDය ජනපතිට කියයි!

SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්‍රමාණවත් – CIDය ජනපතිට කියයි!

කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඉකුත් 19 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා SSP කීර්තිරත්න විසින් වෙඩිතැබීමට නියෝග කර තිබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. බරපතළ නොවන මට්ටමේ තුවාල ලැබූ පිරිස ද 20 ඉක්මවා ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ලැබුණු ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි අනුව මෙම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

කීර්තිරත්න ඇතුළු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම හැර මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනතෙක්ම කිසිදු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම ජනතාවගේ දැඩි විවේචනයට හේතු වී තිබේ. විශේෂයෙන්ම මෙකී SSඵ් කීර්තිරත්න යනු මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ සමීප ඥාති සහෝදරයෙකු වීම තුළ රටේ දැනට පවතින රාජපක්ෂ විරෝධය තවත් වටයකින් උත්සන්න වීමටද මෙය බලපා තිබේ.

රඹුක්කනදී විරෝධතාකරුවන්ට වෙඩිතැබීමේ සිදුවීම ජාත්‍යන්තරයේද දැඩි අවධානයට ලක්ව ඇති අතර මීට එරෙහිව ජාත්‍යන්තරයෙන් රජයට දැඩි බලපෑමක් ද එල්ල වෙමින් පවතී.