25 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalආහාර පාන මිල අහස උසට

ආහාර පාන මිල අහස උසට

ගෑස් මිල වැඩිවීමත් සමඟ තේ, කිරි තේ, බත් ,කොත්තු, ආප්ප, පරාටා, රොටී සහ ක්ෂණික ආහාර ඇතුළු සියලු ආහාරවල මිල ඉහළ යනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නැංවූ අතර කිලෝග්‍රෑම් 12යි දශම 5හේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185කින් ඉහළ දැමීය. ඒ අනුව නව මිල රුපියල් 4,860ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපනශාලාවල විකිණීමට තබා ඇති ආහාරවල මිල තීරණය කිරීමේ වගකීම එහි හිමිකරුවන්ට ලබාදෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.