30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිරෝධතාවක් නිසා මාර්ගයක් වැසෙයි

විරෝධතාවක් නිසා මාර්ගයක් වැසෙයි

විරෝධතාවයක් හේතුවෙන් පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද (27) උදෑසන 9.00ට පමණ ආරම්භ කළ එම විරෝධතාවය මේ වනවිටත් පැවැත්වෙන අතර මහවැලි ඹ් කලාපයේ සෙවනපිටිය ගොවිජන සංවිධාන 26ක් විසින් එම විරෝධතාවය සංවිධානය කර ඇත.

මේ වසරේ සිදුව ඇති වගා හානි සඳහා වන්දි ලබාදෙන ලෙස සහ යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ගොවීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයට අමතරව එම ප්‍රදේශයේ සියලුම අතුරු මාර්ගද අවහිර කමින් එම විරෝධතාවය පැවැත්වෙන බව අප වාර්තාකරු පැවසීය.