25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඥානක්කගේ දෙවොල රකින්න පොලීසියෙන් 20ක්

ඥානක්කගේ දෙවොල රකින්න පොලීසියෙන් 20ක්

අනුරාධපුරයේ පිහිටි ‘ඥානක්කා’ගේ නිවසට සහ ඇයගේ දේවාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 20කට අධික ප්‍රමාණයක් යොදවා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

දිවා රාත්‍රී සේවා මුර ක්‍රමයට එම නිලධාරින් යොදවා ඇති අතර මේ සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කැඳවූ බුද්ධි වාර්තා අනුව කලහකාරී සිදුවීම්වලින් තර්ජන විය හැකි ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඒ අනුව එම ස්ථානවලට ආරක්ෂාව සපයා ඇති බවත්ය.