26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැවත ඉන්ධන හිඟයක් අත ළඟද..?

නැවත ඉන්ධන හිඟයක් අත ළඟද..?

සිංගප්පූරුවෙන් පැමිණි තෙල් නැව් දෙකට ඉදිරි සති දෙක ඇතුළත මුදල් නොගෙවුවහොත් නැවත වරක් ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මොහොත වනවිට තෙල් බලධාරීන් විසින් අඛණ්ඩව ඉන්ධනහල් වෙත නිකුත් කරමින් සිටින නමුත් ඉදිරි දින කිහිපය තුළ මෙලෙස මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකා දෙක නිදහස් කර නොගතහොත් පෙර සේ රට තුළ ඉන්ධන හිඟවීමේ හැකියාවක් පවතින බවට විශේෂඥයන්ද මත පළ කරයි.

මෙම ඉන්ධන නෞකා දෙක නිදහස් කර ගැනීම සඳහා ඩොලර් ගෙවීම මේ වනවිටත් ප්‍රමාද වී ඇති බව සහ කාලසීමාව ඉක්මවා ගියහොත් රට තුළ ඇති තෙල් සංචිත අවසන් වීමට ඉඩකඩ ඇති බවත් මෙම විශ්වාස කටයුතු තෙල් සංස්ථා ආරංචි මාර්ගයන් වැඩිදුරටත් සඳහන් කරයි.