17.7 C
London
Monday, June 5, 2023

තමිල්නාඩුවෙනුත් ශ්‍රී ලංකාවට සහාය

ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට සපයන සහයට අමතරව තමිල්නාඩු ප්‍රාන්ත රජයට ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසයි.

තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට ආධාර ලෙස සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට අවසර ඉල්ලා යෝජනාවක් සම්මත කිරීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මේ බව ප්‍රකාශ කළේය.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමිල්නාඩු විපක්ෂයේ ඒ.ඩී. එම්. කේ. සහ භාරතීය ජනතා පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

තමිල්නාඩුවේ ඉල්ලීම මත කොළඹ ඉන්දීය දූත පිරිසෙන් උපදෙස් ලබා ගත් බව ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර්, මහ ඇමති ස්ටාලින් වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ තමිල්නාඩු රජයේ සහය ඉන්දීය රජය විසින් සපයනු ලබන දෙයට අතිරේකව සැපයිය හැකි බවයි. ශ්‍රී ලංකා රජයේ කැමැත්ත මත එම අධාර බෙදාහැරීය හැකි බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීම සඳහා තමිල්නාඩු රජය විසින් කරන ලද යෝජනාව මත සහන ද්‍රව්‍ය සැපයීම සඳහා ඉන්දීය රජය සමග සම්බන්ධීකරණය කිරීමට තමිල්නාඩු ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

Latest

ඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් අද (05) වතුකරයේ...

ඖෂධ මිල පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15...

මල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු...

මුහුණට මිරිස් කුඩු දමා රන් භාණ්ඩ කොල්ලකෑ 5ක් අත්අඩංගුවට

මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක...

Don't miss

අධිකාරියක් මගින් සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

සමාජ මාධ්‍ය රටට අහිතකර බවත් එය අධිකාරියක් මගින් පාලනය...

පොහොට්ටු ලොක්කන්ට කළකම් ඵලදෙන්න අරන් – ගීතා

පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ට කළකම් ඵලදෙමින් තිබෙන බව කාන්තා හා...

අලි සබ්රිට VVIP වරම් අහිමි වෙයි

පසුගියදා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා...

ගෝඨාභයට නව නිල නිවසක්

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන්...

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

ඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් අද (05) වතුකරයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය පිළිබඳව ඇය සිය නිල ට්විටර් පිටුවේ සඳහන් කර ඇත. තම සංචාරය පිළිබඳව...

ඖෂධ මිල පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඒ අනුව ජුනි 15 සිට ඖෂධ...

මල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හෙරොයින් පානය කොට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here