27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇති වී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසයි.

අදාළ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා දින 05ක් ගත වෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.

විදුලිය විසන්ධි කිරීම දීර්ඝ නොකොට තාප හා ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් එය කළමනාකරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.