කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (06) සිට රටේ පවතින දේශපාලනික ව්‍යාකූලත්වය සමථයකට පත් කරන තෙක් සිය සේවා කටයුතුවලින් ඉවත් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රටේ අර්බුදවලට නිසි විසඳුම් සකසන තෙක් (VIP) ආගමන හා විගමන රාජකාරී කටයුතු හා විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) මගී නිෂ්කාශන කටයුතු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස හෙට සිට අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැඛ්වේ.