30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලෙඩා ගිලන් රථයේ දාලා රියැදුරුයි උපස්ථායකයි රවුම් ගහලා

ලෙඩා ගිලන් රථයේ දාලා රියැදුරුයි උපස්ථායකයි රවුම් ගහලා

යාපනයේ තෙලිප්පලෙයි රෝහලට අයත් ගිලන් රථයක රියැදුරු හා උපස්ථායකයා රෝගීන් තුන්දෙනකු ගිලන් රථයේ දමා පෞද්ගලික කාර්යයන් සඳහා ගොස් පැයකට පමණ පසුව පැමිණීම සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය 7 වැනිදා පරීක්ෂණ ආරම්හ කර තිබේ.
පිරිමි රෝගියකු හා කාන්තා රෝගීන් දෙදෙනකු තෙලිප්පලෙයි රෝහලේ සිට යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑම සඳහා ගිලන් රථයක් යොදවා ඇති අතර එහි රියැදුරු අතරමග ගිලන් රථය නවතා දිවා ආහාරය ගැනීමට හෝටලයකට ගොස් තිබේ.
රියැදුරු පැමිණීමට ප්‍රමාද වූ නිසා ගිලන් රථයේ සිටි උපස්ථායකයා බැංකුවට ගොස් මුදල් ලබා ගෙන භාණ්ඩ මිලට ගැනීමට වෙළෙඳ සලකට ගොස් තිබේ.
රියැදුරු පැමිණ බලන විට උපස්ථායකයා නොමැති නිසා ඔහු එනතුරු ගිලන් රථය මාර්ගයක් අසල නවතා පැයක පමණ කාලයක් රැඳී සිට තිබේ.
අධික අව් රශ්මිය නිසා පිරිමි රෝගියාට ගිලන් රථය තුළ සිටීමට නොහැකි බව පවසා ඔහු ආයාසයෙන් එළියට පැමිණ මාර්ගය අසල වූ ගසක් යටට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ක්ලාන්තව බිම ඇද වැටී තිබේ.
මහමග ගිය පිරිසක් ඔහු යළි ගිලන් රථයට පටවා සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිලි කර ඇත.