27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයූරෝ 50,000ක් සමඟ අයෙක් අත්අඩංගුවට

යූරෝ 50,000ක් සමඟ අයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ අධීක්‍ෂණයෙන් පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2022.05.15 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ දී උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 ක මුදලක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 18.69 ක් පමණ අතර මෙම මුදල් ප්‍ර‍කට ආදායමින් කොටසක් නොවන බවට සැකකල හැකි යුරෝ මුදල් විශුද්ධීකරණය කිරීමේ වරදට ගැනෙන අතර අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයකු වේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාශය වෙත භාර දී ඇත.