― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsහෘද රෝගීන්ගේ ඖෂධ රාශියක හිඟයක්

හෘද රෝගීන්ගේ ඖෂධ රාශියක හිඟයක්

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී අනාවරණය කර තිබේ.

ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැති බවත් එහිදී අනාවරණය විය.

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි සෞඛ්‍ය අමාත්‍යාංශය විවෘත කර ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් කිසිවක් ආනයනය කිරීමට නොහැකි වී ඇති බව අනාවරණය වී තිබේ.