― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalවිජේදාසගේ පළමු තීරණයෙන්ම ආණ්ඩුව දෙදරා යන ලකුණු

විජේදාසගේ පළමු තීරණයෙන්ම ආණ්ඩුව දෙදරා යන ලකුණු

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විෂය භාර අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ පළමු කැබිනට් මණ්ඩල යෝජනාවෙන්ම ආණ්ඩුව දෙදරා යාමේ ලකුණු පහළ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය 20 වැනිදා එම අමාත්‍ය ධූරයේ වැඩ බාර ගත් අතර එම අවස්ථාවේදී ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තුවට ද්විත්ව පුරවැසියන් පත්වීම වැළැක්වීම ඇතුළු ඉතා වැදගත් අණපනත් සහිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිටත් සකස් කර ඇති බවයි.

එය අද (23)අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් වහාම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම ගෙදර යා යුතු බව ඉල්ලමින් තරුණ පිරිස ගාලු මුවදොර පිටියේ අරගල කරනුයේ බලලෝභී තන්හාවෙන් පෙළෙන බොහෝ දේශපාලනඥයන් හා පවුල් දේශපාලනය නිසා රට මෙවැනි අගාධයකට ඇද දැමීම නිසා බවයි.

කෙසේ වෙතත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඊට ප්‍රධානම බලපෑම සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකුටයි.