29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsCID ලොක්කාට මාරුවක්

CID ලොක්කාට මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්‍ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ස්ථාන මාරුව නියෝජ්‍ය පොලිස්පති තිලකරත්නගේ ඉල්ලීම මත ඔහුට ලබාදුන් බව පොලිස්පතිවරයා විසින් ඊයේ (23) නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩයේ දැක්වේ.

මීට සති දෙකකට පෙර ඔහු විසින් මෙම ඉල්ලීම කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ප්‍රසාද් රණසිංහ මීට පෙරද රහස් පොලිසිය බාරව කටයුතු කළ අයෙකි.