27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් රාජපක්ෂ අද අධිකරණයට

නාමල් රාජපක්ෂ අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (25) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ පැමිණිල්ලකට අදාළව ඔහු අද අධිකරණයට පැමිණ තිබේ.

එම පැමිණිල්ල අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 21 වැනිදා කැඳවන ලෙස නියම කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කිරීමත් සමගයි.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත.