― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු බෝම්බ සිද්ධියට අදාළ කෝටිපති ව්‍යාපාරිකයා හා පුතාට ඇප

පාස්කු බෝම්බ සිද්ධියට අදාළ කෝටිපති ව්‍යාපාරිකයා හා පුතාට ඇප

පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 02කට බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ් යන අයගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔවුන්ගේ එක් සහෝදරයෙකු ඇප මත මුදා හැර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදා හැර ඇත.

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙස ඔවුන්ට නියම කර තිබේ.

එමෙන්ම සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය ඔවුන්ට දැනුම් දී ඇත.