― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews31 වැනිදායින් පසු ගුවන් ගමන් ඇණහිටින ලකුණු

31 වැනිදායින් පසු ගුවන් ගමන් ඇණහිටින ලකුණු

ගුවන්තොටුපොළ සතුව ගුවන්යානා ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියෙකු පැවසීය.

මේ හේතුවෙන් මේ මස 31 වැනිදායින් පසු කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපොළවල් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව දැනගන්නට ලැබේ.

ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසන පරිදි මෙම ඉන්ධන අර්බුධය හේතුවෙන් මෙරට ගොඩබස්සන ගුවන්යානා කීපයක්ම මේ වන විට මදුරාසියට ගොස් ඉන්ධන පුරවාගෙන පැමිණ ඇත.