― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක්

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බව අනාවරණය වී තිබේ.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහා මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සාකච්ජා කිරීමට ඊයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ.

එහිදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුනු ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ මිලදී ගැනීම ඩොලර් නොමැතිවීම ඇති වු ගැටලූව නිසා රජයන් දෙක අතර සිදුකෙරු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට එකඟ වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිලදී ගැනීම වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කර තිබේ.

තවද දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33 හිඟ මුදල් ගෙවිමට ඇති බවද වැඩිදුරටත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.