― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsඖෂධ හිඟය ඇති වුණේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා

ඖෂධ හිඟය ඇති වුණේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය වහාම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවේදී නිර්දේශ කර තිබේ.

2022 මැයි 13 දින වන විට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් පසුගිය 31 වැනිදා කෝප් කමිටුවට කැඳවා තිබූ අතර එහිදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි.

එය එම ආධාර මුදලින් 28% ක් වූ බවත් 2022 මැයි 18 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත් එහිදී සභාපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව එහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේය.

විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් පවතින මෙම ගැටලු සහගත තත්ත්වයන් කඩිනමින් විසඳාගෙන ඉක්මනින් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුකරීමට කටයුතු කරමින් සිටින බවත් වර්තමානය වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත්ය.

මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ මෙම මුදල්වලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම කාල සීමාව තුළ පත්වීම හේතුවෙන්ද මෙම කටයුතු ප්‍රමාද වූ බවත් එම නිලධාරීන් සඳහන් කළහ.

විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකොට නොමැති බවද එහිදී අනාවරණය විය.

ඖෂධ හිගය වළක්වාගැනීම සඳහා ලැබී ඇති ඇමරිකානු ඩොලර් නිවැරදිව කළමනාකරණය කරමින් ඉක්මණින් යොදවා නොමැති බැවින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් පැවතී නොමැති බවත් කළමනාකරණය කිරීමේදී ඉක්මනින් එය සිදු නොකිරීමේ ගැටලුවක් මෙහිදී නිරීක්ෂණය වන බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.