සිරදඬුවම් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ප්‍රසන්න රණතුංග කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි යන චෝදනාවට ප්‍රසන්න රණතුංගට ඊයේ (06) වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවනු ලැබීය.