29.5 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කන්ගේ ඉන්ධන දීමනාව කැපේ

පොලිස් ලොක්කන්ගේ ඉන්ධන දීමනාව කැපේ

උසස් පොලිස් නිලධාරීන්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබේ.

විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් පාවිච්චි කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මීට පෙර පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට පහළොවකින් අඩු කරන ලෙස 2022.04.11 වැනිදා චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබුණි.

ඒ අනුව මේ මස 01 වැනිදා සිට එම ප්‍රමාණය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස පොලිස්පතිවරයා නැවත දන්වා තිබේ.

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදි ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් ඉහළ නංවා නොමැති බැවින් පොලීසියට අනුයුක්ත සියලුම වාහන සඳහා මේ වනවිට ලබාදී ඇති ඉන්ධන ප්‍රතිපාදන සීමා කිරීමට සිදුව ඇති බව පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙයි.